අපගේ දැක්ම

සිරිලක වාණිජ අගනගරයේ විශිෂ්ඨතම මහජන සේවාදායකයා බවට පත් වීම

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති හා යහපාලන මූලධර්ම අනුගමනය කරමින් කොළඹ ජනතාව තෘප්තිමත් වන ලෙස ඔවුන්ගේ අවශ්‍යතා කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ඉටු කර දීම

කොළඹ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් පුරවැසියන් සදහා ලබා දෙනු ලබන සියලුම සේවා කාර්යාලීය පෙරටු කාර්යාලය මගින් ඉටු කරගැනීමේ පහසුකම් ලබා දී ඇත. සාමාන්‍යයෙන් උප්පැන්න, විවාහ, මරණ සහතික ලබා ගැනීමේදී අයදුම්පත්‍ර පුරවා දිය යුතු නමුත් මෙම කාර්යාලයෙන් ලබා ගැනීමට පැමිණීමේදී රැගෙන ආ යුතු වන්නේ අදාල වටිනාකමට මුද්දර පමණි. වර්තමානයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් වඩාත් උසස් රාජ්‍ය සේවයක් ලබා දීමට සංවිධානාත්මක ව්‍යුහයත් නිර්මාණශීලී මානව සම්පතත් යොදා ගනු ලබයි. දිනකට සේවා ලාභීන් 200 කට අධික ප්‍රමාණයක් අප ආයතනයෙහි සේවා ලබා ගැනීමට පැමිණේ. ඊ-ප්‍රාදේශිය ලේකම් කාර්යාල, උපත්, විවාහ, මරණ සහතික පරිගණකය මගින් කොළඹ දිස්ත්‍රික්කයේම සහතික ලබා දීම, ඊ-විශ්‍රාම වැටුප්, ගෘහ මූලික ලේඛණ පරීක්ෂා කර සේවා ලබා දීම යන සියළුම නව සංකල්ප සියල්ලම පවතින එකම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයද මෙයවේ.

ඓතිහාසික කොළඹට “කොළඹ ” යන නම පැවතීමේ සම්ප්‍රදානුකූල සම්භවය වන්නේ “කොළොන්තොට” යන කැළණි නදියේ නැවතුම් පළ යන්නයි. සිංහලයන්ගේ ‍කොළඹ යන්නෙහි සම්භවය, එනම් කොළ අඹ තොට යන්න අඹ ගස් සහිත වරායයි. බ්‍රිතාන්‍ය අධිරාජයෙහි අධිකාරිත්වය යටතේ වර්ෂ 1815 දී කොළඹ ලංකාවේ අගනුවර බවට පත්විය. කෙසේ වෙතත් 1948 වර්ෂයේ නිදහස ලබා ගන්නා තෙක් කොළඹ නගරය ලංකාවේ අගනුවර ලෙස පැවතිනි. වර්ෂ 1978 දී ලංකාවේ පරිපාලන අගනගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වන විට කොළඹ වාණිජ නගරය ලෙස සැලකිනි.

අවුරුදු 2000 ක් පුරා කොළඹ නගරය වෙළෙදුන් විසින් දැන සිටියහ. රෝම, චීන, අරාබි වෙළදුන් කොළඹ නගරයට දැඩි රුචිකත්වයක් දැක්වීය. මන්ද එය ඔවුන්ගේ වෙළදාම විශාළ ලෙස වැඩි දියුණු කළා. 1505 දී පෘතුග්‍රීසින් මෙරටට පිය නැගූ අතර, ඒ ඔවුන්ගේ කුලු බඩු වෙළදාම තුලින් ප්‍රතිලාභ ලබා ගැනීම සදහාය. ලංදේසි යුගය තුළ පෙරදිග ඉන්දීය වෙළද සමාගමේ දැඩි පාලනය යටතේ කොළඹ ඔවුන්ගේ මුහුදු කලාපීය අගනුවර ලෙස සැලකීය. 1796 දී පැමිණි ඉංග්‍රීසින් අවසන් වසයෙන් මෙහි පැමිණි ආක්‍රමණිකයන් වශයෙන් සැලකේ. 1866 දී නගර සභා ස්ථාපනය කරන තෙක් කොළඹ නගරය බස්නාහිර පලාත් ආණ්ඩුවේ ඒජන්ත විසින් පාලනය කරන ලදි.

ආයතනයේ විකාශනය

1999 වසරට පූර්වයෙන් කොළඔ මහ නගර සභා බල ප්‍රදේශය එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙසින් විය. ඉන් පසු මෙම කාර්යාලය තිඹීරිගස්යාය හා කොළඔ යන ලෙසින් ප්‍රාදේශිය ලේකම් කාර්යාල වශයෙන් කොටස් දෙකකට බෙදිණි. කොළඹ මහ නගර සභාවෙහි නාගරික කොට්ඨාශ 47 කි. ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ බෙදා තිබුණද ජන ගහනය අනුව තවත් කුඩා ඒකකවලට බෙදීමේදී තවත් කොට්ඨාශ 8 ක් එකතු වී ඇත. ඒ අනුව මුළු සංඛ්‍යාව 55 කි. එයින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 35 ක් කොළඹ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වේ.

2001 ජන සංගණන වාර්තා අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනය ජීවත් වනුයේ කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුලයි. ජන සංගණන වාර්තාවන්ට අනුව ජනගහනය 377,396 ක් වූ අතර 2005 වන විට 425000 පමණ බවට ඇස්තමේන්තු කර ඇත. මෙය දිස්ත්‍රික් ජනගහනයෙන් 16.9% කි. එතැන් පටන් විවිධ වෙනස්වීම්වලට භාජනය වෙමින් අද පවත්නා තත්වය දක්වා මෙම කාර්යාලය දිනෙන් දින දියුණුව කරා පියමනිමින් සිටී.

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
රේමන් පෙරේරා 1991 1991
ඒ.එච්.එම්.පී. අබේසිංහ 1992 1994
ආර්.ඒ.ඩී. පෙරේරා 1994 1996
වාස් සිරිල් ගුනවර්ධන 1994 1996
ජී.ඒ.ජේ. සිල්වෙස්ටර් 1996.08.27 2001.08.31
එම්.පී.ඊ. රුක්මනි 2001.10.01 2005.01.31
ඒ.ජේ. කරුණාරත්න (වැ.බ.) 2005.02.01 2005.06.07
කාන්ති පෙරේරා 2005.06.08 2007.07.05
ඒ.ජේ. කරුණාරත්න (වැ.බ.) 2007.07.06 2008.03.31
කේ.ජී. ධර්මතිලක 2008.04.01 2013.06.30
අමල් ජේ.එස්.එස්. එදිරිසූරිය (වැ.බ.)

2013.07.01

2013.10.31
ඩී.පී. වික්‍රමසිංහ 2013.11.01  

News & Events

07
අගෝ2026
Integrity Culture – Clean Sri Lanka National Integrity Week

Integrity Culture – Clean Sri Lanka National Integrity Week

As part of the national initiative "Integrity...

27
ජන2026
Second Language Sinhala Course Concluding Ceremony Held

Second Language Sinhala Course Concluding Ceremony Held

The concluding ceremony of the Second Language...

Scroll To Top